Thursday, April 25, 2024

General line - 0115112241

හෝමාගම ප්‍රදේශයේ නිවසකින් බොඩි ආමරයක්, ගිනි අවියක් ඇතුළු ආයුධ කිහිපයක් සොයා ගැනේ




රාජ්‍ය බුද්ධි සේවා නිලධාරින් විසින් ලබා දුන් තොරතුරක් මත හෝමාගම, පිටිපන උතුර ප්‍රදේශයේ පිහිටි සිල්වස්ටන් වත්තේ පිහිටි නිවසක සිදුකළ සෝදිසි මෙහෙයුමකදී රහස් කුටියක සඟවා තිබු අවි ආයුධ කිහිපයක් සොයා ගැනීමට පොලිස් නිලධාරින් කන්දයමක්ක් සමත්ව තිබෙනවා.

එම නිවසේ සඟවා තිබියදී බොඩි ආමර් 01ක්, රිපිටර් ෂොට් ගන් අවියක් සහ සජීවී පතොරම් 04ක්, අත් බෝම්බයක් සහ හඳුනා නොගත් උණ්ඩ 04 ක් සමග කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගියදා හෝමාගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබූ ගිනි අවි 12 සඟවා තිබු ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාවක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.