Friday, March 29, 2024

General line - 0115112241

වැඩි කළ විශ‍්‍රාම වැටුප ඉල්ලා විශ‍්‍රාමිකයන් පිරිසක් උසාවි යයි




වැඩි කළ විශ‍්‍රාම වැටුප් දීමනාව ඉකුත් ජනවාරි මස අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු ඇතුළු පිරිසක් අභියාචනාධිකරණය හමුවේ අද රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. 

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් කේ.ඒ.තිලකරත්න ඇතුළු 95 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඇතුළු පාර්ශවයන් 20 ක් නම් කර ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. 

අංක 3/2016 දරණ චක‍්‍රලේඛයෙන් විශ‍්‍රාම වැටුප් අදියර පහකින් වැඩි කිරීමට නිර්දේශ කර තිබූ බවත් කෙසේවෙතත් එම තීරණය කැබිනට් මණ්ඩලය විසින් මේ වනවිට අත්හිටුවා ඇති බවත් පෙත්සම්කරුවන් සදහන් කරනවා.