Friday, April 19, 2024

General line - 0115112241

සියලුම පාසැල් වල පළමු සහ දෙවන ශ්‍රේණි හා පෙර පාසැල් විවෘත කෙරෙන දිනය මෙන්න 




දීවයිනේ සියලු පාසල්වල එක සහ දෙක ශ්‍රේණි මෙන්ම පෙර පාසල් ලබන අගෝස්තු 10 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

සෑම පාසලකම විෂබීජ හරණ කටයුතු පිළිබඳව ඉතා සැළකිල්ලෙන් සොයාබලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එසේම සියලුම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල දෙවන වසර ශික්ෂණලාභීන් සඳහා නේවාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ලබන 7 වනදා සිට 31 වනදා දක්වා සිදු කෙරෙනවා.

සියලු ගුරු විද්‍යා පීඨවල පළමු හා දෙවන වසර ගුරු සිසුන් සඳහා මෙලෙස අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.