Saturday, April 20, 2024

General line - 0115112241

බෙලරූස්හි සිරවූ ශ්‍රී ලාංකික සිසුන් පිරිසකගෙන් ඉල්ලීමක්




බෙලරූස් රාජ්‍යයේ අධ්‍යාපනය සදහා ගොස් සිටියදී කොරෝනා වෛරසය හේතුවෙන් එරට සිරවී සිිටින ශී‍්‍ර ලාංකික සිසුන් පිරිසක්, තමන්ව කඩිනමින් මෙරටට ගෙන්වා ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. 

ඒ, තමන්ට මෙරටට පැමිණීමේදී මේ වනවිට උද්ගත වී ඇති ගැටළු සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්.

මේ අතර මෙරටට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 272 දෙනෙකු අද අළුයම දිවයිනට පැමිණියා. එමෙන්ම විදේශීය නාවිකයන් 155 දෙනෙකු ද අද දිවයිනට පැමිණියේ කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය රටකට අයත් නෞකාවක සේවය කිරීම සදහායි. 

මේ අතර විදේශයන්හි සිට මෙරටට පැමිණි තවත් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද අනාවරණ වුණා. එම පිරිසට බි‍්‍රතාන්‍යයේ සිට පැමිණි අයෙක්, බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙක් ද අයත්.

 ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,050 ක් දක්වා ඉහළ ගියා. කොරෝනා ආසාදිතව ප‍්‍රතිකාර ලැබූ සංඛ්‍යාව 1,748 ක් දක්වා අද ඉහළ ගියේ තවත් 37 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. නාවික හමුදා සාමාජිකයින් 6 දෙනෙකුද සුවය ලැබීමත් සමග පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 842 ක් දක්වා අද ඉහළ ගියා.