Wednesday, April 24, 2024

General line - 0115112241

අත්අඩංගුවට පත් කුඩු විකුණා නාකොටික් නිළධාරීන් ඉපැයූ කෝටි තුනක වත්කම් අල්ලයි




පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය කූඨ ලෙස විකුණා සැකකාර පොලිස් නිලධාරීන් මිලදී ගත් වාහන, ස්වර්ණාභරණ, දේපළ සහ රුපියල් කෝටි 3 කට අධික මුදල් තොගයක් සොයාගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 6 දෙනෙකු පිළිබද විමර්ශන කි‍්‍රයාත්මක බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

අදාළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සදහා විශේෂ කණ්ඩායම් 3 ක් පත්කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය කූඨ ලෙස විකුණා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් ද පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. 

පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ දිවයිනේ ප‍්‍රදේශ රැසක මෙම මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි.