Wednesday, April 24, 2024

General line - 0115112241

දොඹකර සිද්ධිය මුල්කර ගනිමින් කොළඹ වරායේ විරෝධතාව තවදුරටත්




ශ‍්‍රී ලංකා නිදහස් වෙළෙඳ සංගමයේ සේවකයින් තිදෙනෙක් කොළඹ වරාය පරිශ‍්‍රයේ, ගැන්ටි දොඹකරයකට නැඟ අද දහවල් ආරම්භ කළ විරෝධතාව තවදුරටත් පැවැත්වෙනවා. ඒ, අදාළ විරෝධතාව සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවති සාකච්ඡුාද අසාර්ථකවීමත් සමගයි. ඉකුත් ජූනි මස 20 වන දින චීනයෙන් ගෙන් වු ගැන්ටි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කළා. ඒ, වෘත්තීය සමිති සාමාජිකයින් තිදෙනෙකු මීටර 50ක් උසැති ගැන්ටි දොඹකරයකට නැඟීමෙන් අනතුරුවයි.

වරාය සේවකයින් පවසන්නේ මෙම ගැන්ටි දොඹකර ගොඩබෑමක් සිදු නොකිරීම හේතුවෙන් ඒවා රැුගෙනආ නෞකාවට ප‍්‍රමාද ගාස්තු ලෙස දෛනිකව විශාල මුදලක් ගෙවීමට සිදුවන බවයි. දින 10 ක් පුරා මෙලෙස නෞකාව තුළ දොඹකර තබාගෙන සිටින බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.