Saturday, April 20, 2024

General line - 0115112241

සිබිල් නැන්දාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දැනුම් දෙයි




අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ළමා කතා ලේඛිකාවක් සහ චිත‍්‍ර ශිල්පිනියක් වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය මේ වනවිට ඇගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

පවුලේ ඥාතීන් පැවසුවේ අද (02) පෙරවරු 9.30 දක්වා නුගේගොඩ පැපිලියාන පාරේ, ඩයස්⁣ පෙදෙසේ පිහිටි නුගේගොඩ සුජාතා විද්‍යාලය අසල ඇගේ නිවසේ තැන්පත් කර තැබෙන බවයි.

පසුව ඇගේ දේහය පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන එන අතර අවසන් කටයුතු හෙට (03) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනවා.

ප‍්‍රවීණ ළමා කතන්දර ලේඛිකාවක් සහ චිත‍්‍ර ශිල්පිනියක් වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප‍්‍රාප්ත වන විට 93 වන වියේ පසු වුණා.

දින කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබූ සිබිල් වෙත්තසිංහ මහත්මිය පෙරේදා (30) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත වුණා.

සිබිල් නැන්දා ලෙස ළමුන් අතර ප‍්‍රසිද්ධ වූ ඇය, ලොව වැඩිම අවසානයන් සහිත ළමා කෘතිය රචනා කිරීමටද එක්වූයේ ගිනස් වාර්තාවක්ද තබමින්. ඇය අතින් ළමා ලෝකය සුන්දර කිරීම වෙනුවෙන් නිර්මාණය වූ ග‍්‍රන්ථ ප‍්‍රමාණය 250කට අධිකයි.