Friday, April 26, 2024

General line - 0115112241

රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට සම්පූර්ණ ස්වයංකී‍්‍රය PCR යන්ත‍්‍රයක්




කොරෝනා රෝගීන් හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංකී‍්‍රය PCR යන්ත‍්‍රයක් රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කර තිබෙනවා. එහි වටිනාකම රුපියල් දෙකෝටි විසි ලක්ෂයක්. එමඟින් පර්යේෂණවලදී මුහුණපාන මානව සම්පත් හිඟය මඟහැරවීමට හැකිවීම විශේෂත්වයක් වනවා. 

මේ අතර කොරෝනා වසංගතයෙන් ආරක්‍ෂාවීමට ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් බොරැල්ල සහශ‍්‍රපුර නිවාස සංකීර්ණයේදි අද (02) පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,054ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, අලූතින් රෝගීන් 7 දෙනෙකු සොයා ගැනීමත් සමගයි. කෙසේවෙතත් මේ වනවිටත් වෛරසය ආසාදනය වූ 1,748 දෙනෙකු පූර්ණ සුවය ලබා අවසන්. තවදුරටත් ප‍්‍රතිකාර ලබන්නේ 259 දෙනෙකු පමණයි.

කෙසේවෙතත් ලොවපුරා රටවල් රැසක තවදුරටත් කොරෝනා වෛසරය පැතිර යමින් තිබෙනවා. අමෙරිකාවෙන් සහ බ‍්‍රසීලයෙන් ගත වු පැය විසි හතරේදී පමණක් අලූතින් රෝගීන් 44,000 කට වැඩි පිරිසක් වාර්තා වී තිබීමද විශේෂත්වයක්. 

සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි 7 ලක්‍ෂ අනූ දහස මේ වනවිට ඉක්මවා ගොස් ඇත්තේ ගත වූ පැය විසි හතරේ අලූතින් රෝගීන් ලක්‍ෂ 2 කට ආසන්න පිරිසක් හදුනා ගැනීමත් සමගයි.