Thursday, April 25, 2024

General line - 0115112241

විදුලි බිලට සහන දෙන්න තවදුරටත් සාකච්ඡා




මාර්තු, අපේ‍්‍රල් සහ මැයි මාසවලට අදාළ විදුලි බිල්පත් වෙනුවෙන් ජනතාවට සහනයක් ලබාදෙන්න නිර්දේශ ලබාගැනීම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන්.

ඉකුත් මාර්තු, අපේ‍්‍රල් හා මැයි මාසවලට අදාළව වෙනත් මාසවලට සාපේක්‍ෂව අධික මුදලක බිල්පත් තමන් වෙත ලැබී ඇති බවට මහජනතාව විෂයභාර අමාත්‍යවරයාට පැමිණිලි කර තිබුණා. ඒ පිළිබද ඊයේ (01) දිනයේ රැස්වු අමාත්‍ය මණ්ඩලයේදී ද සාකච්ඡා කළ බවයි අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සදහන් කළේ.

අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ විදුලිබිල හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් දීම සදහා ජනාධිපතිවරයාද එකගත්වය පළ කළ බවයි. 

අදාළ කමිටුවේ නිර්දේශ සහ යෝජනා ලබන සදුදා දින ලබාදෙන ලෙසටයි අමාත්‍යවරයා විසින් නියෝග කර ඇත්තේ.