Friday, April 19, 2024

General line - 0115112241

මාතරදී පොලිස් නිළධාරියෙකු කිඹුලෙකුට බිලි වෙයි




මාතර, බණ්ඩත්තර, ජල පවිත‍්‍රාගාරය අසල නිල්වලා ගං ඉවුරේ විනෝදවෙමින් සිටි පොලිස් නිලධාරියෙකු කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇතැයි ප‍්‍රදේශවාසින් පවසනවා.

මෙසේ අතුරුදන්ව ඇත්තේ කොම්පඤ්ඤවිදිය පොලිසියේ සේවය කල සැරයන්වරයෙක්. ඔහු නිවසට පැමිණි අවස්ථාවේ ඊයේ රාත‍්‍රී 10.00 ට පමණ තවත් මිතුරන් දෙදෙනෙකු සමග ගංඉවුරේ විනෝදවෙමින් සිට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

ඒ අවස්ථාවේ ඔහුගේ මිතුරාගේ ඔරලෝසුව ගඟට වැටී ඇති අතර මෙම පොලිස් සැරයන්වරයා ගඟට බැස ඇත්තේ ජංගම දුරකථනයේ එළියෙන්. 

ඔරලෝසුව රැගෙන මිතුරාට බාරදී ගොඩට ඒමට උත්සාහ දරා ඇති ඔහු දිය පහරට අසුව ගඟට වැටී තිබෙනවා. 

පසුව පිහිනා පැමිණ ඇති මෙම සැරයන්වරයා එකවර කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බවයි ඇසින් දුටුවන් පවසන්නේ. දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ඔහු මෙම වසරේ විශ‍්‍රාමයාමට නියමිතව සිටියා.