Friday, April 19, 2024

General line - 0115112241

උසස් පෙළ ඇතුලු විභාග පිළිබඳව අවසන් තීරණය ඉදිරි සතියේදි




මේ වසරේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස් පෙළ විභාගය, ශිෂ්‍යත්ව විභාගය සහ සාමාන්‍යපෙළ විභාගය පවත්වන දින සම්බන්ධයෙන් ඉදිරි සතියේදී නිශ්චිත තීරණයක් ප‍්‍රකාශයට පත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. 

සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද ප‍්‍රකාශ කළේ පාසල් ආරම්භ වීමත් සමග, විභාග පවත්වන දින පිළිබඳ අවසන් තීරණය ගන්නා බවයි. 

පාසල්වල පළමු සහ දෙවන ශ්‍රේණි මෙන්ම පෙරපාසල් අගෝස්තු 10 වනදා ආරම්භ කිරීමටයි රජය තීරණය කළේ.