Wednesday, April 24, 2024

General line - 0115112241

හිටපු ක්‍රීඩා ඇමති ලිපියක් ඒවා නැහැ - ICC දුෂණ විරෝධි කමිටුවේ ප්‍රධානියා කියයි 




ක්‍රිකට් ලෝක කුසලාන 2011 අවසන් මහා තරඟය පාවා දුන් බවට කිසිදු සැකයක් නොමැති බව ICC දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් ප්‍රකාශ කර සිටිනවා.

අවසන් මහ තරගය පාවා දුන් බවට නැගු චෝදනා සම්බන්ධයෙන් ICC දුෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරීවරයා මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා.

“2011 වසරේ ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පිළිබඳ මෑතදී එල්ල වූ චෝදනා පිළිබඳව ICC දුෂණ විරෝධී ඒකකය සොයා බලනු ලැබුවා. මේ අවස්ථාව වන විට අයිසීසී දුෂණ දුෂණ විරෝධී ඒකකයට විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් අපට ලැබී නැහැ. 

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICC දුෂණ විරෝධි ඒකකය වෙත ලිපියක් එවූ බවට ප්‍රකාශ කර සිටියත් එවැනි ලිපියක් මේ දක්වා ලැබී නැහැ. එවැනි ලිපියක් මිට පෙර ලැබුනද යන්න ගැන අපගේ ජේෂ්ඨ නිලධාරින්ද තහවුරු කර නැහැ. 2011 ලෝක කුසලාන අවසන් තරගය ගැන අපට කිසිදු සැකයක් නැහැ යැයි" සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියා.

තරග පාවා දීමේ සිද්ධීන් ගැන ලැබෙන සියලු චෝදනා අප අතිශයින් බැරෑරුම් ලෙස සලකනවා. මෙවැනි චෝදනා තහවුරු කිරීමට මේ දක්වා කිසිදුසාක්ෂි ලැබී නැහැ, එවැනි සාක්ෂියක් ලැබුනහොත් අප ඒ ගැන සලකා බලනවා. එමෙන්ම මෙම තරගය හෝ වෙනත් ඕනෑම තරගයකදී සිදුව ඇති බව කියන දුෂණ සම්බන්ධයෙන් තොරතුරු තිබේ නම් එම තොරතුරු ICC දුෂණ විරෝධී කමිටුව වෙත ලබා දෙන්න කියලා, දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් සඳහන් කර සිටිනවා.