Friday, April 26, 2024

General line - 0115112241

දෙවන කොරෝනා රැල්ලක් ආවොත් මොකද කරන්නේ ? මැතිවරණ කොමිසමේ සභාපති පිළිතුරු දෙයි




කිසිදු හේතුවක් මත මහජනතාව තමන්ට ඇති ඡන්ද අයිතිය අපතේ නොහැරිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ ගාල්ලේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

කොරෝනා දෙවන රැල්ලක්  ඇති වුවහොත් මැතිවරණය පැවැත්වීමට හැකි දැයි මාධ්‍යවේදීන් මෙහිදී සභාපතිවරයාගෙන් විමසීමක් කළා.

මේ අතර කොළඹ 13, ජින්තුපිටිය ප‍්‍රදේශයෙන් ඊයේ දිනයේ හමුවූ කොරෝනා වෛරසය ආසාදිතයාගෙන් එම වෛරසය සමාජයට ව්‍යාප්ත වීමේ අවධානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. මෙලෙස වෛරසය ආසාදනය වී තිබුණේ සිය නිවස තුළ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකුටයි. එම රෝගියාගේ ආශ‍්‍රිතයින් ලෙස හදුනාගත් 154කට ආසන්න පිරිසක් මේ වන විටත් එම ප‍්‍රදේශයෙන් ඉවත් කර නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ජින්තුපිටිය ප‍්‍රදේශයෙන් ඊයේ දිනයේ කොරෝනා රෝගියෙකු හමුවීම පිළිබද කිසිදු අනියත බියක් ඇති කරගත යුතු නැතැයි කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි ද පවසනවා. 

නිරෝධායනයට යොමුකර ඇති මෙම කොරෝනා ආසාදිතයාගේ සමීපතමයින් 154 දෙනාගෙන් පනස් දෙනෙකුගේ පී සී ආර් පරීක්‍ෂණ අද  පස්වරුව වනවිට සිදුකර තිබුණා. එහිදි අනාවරණ වී තිබුණේ ඒ අතරින් කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි.