Friday, April 19, 2024

General line - 0115112241

වරායේ කටයුතු සාමාන්‍ය අතට




වරාය සේවකයින් කි‍්‍රයාත්මක කළ වැඩ වර්ජනය ඊයේ දිනයේ අවසන් කිරීමත් සමග මේ වනවිට කොළඹ වරායේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව වෘත්තී සමිති පවසනවා. 

ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප‍්‍රසන්න කළුතරගේ පැවසුවේ චීනයෙන් ගෙන්වූ ග‍්‍රැන්ටි දොඹකර තුනෙන් දෙවන දොඹකරය ගොඩ බෑම අද පස්වරුව වනවිට අවසන් කිරීමට හැකි වනු ඇති බවයි.

චීනයෙන් ගෙන්වූ ග‍්‍රැන්ටි දොඹකර තුන ඒවා රැගෙන ආ නෞකාවේම රඳවාගෙන තිබීම හේතුවෙන් වරාය සේවකයින් ආරම්භ කළ එම වැඩ වර්ජනය ඊයේ අවසන් කෙරුණේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡුාවකින් අනතුරුවයි. 

අදාළ දොඹකර 03 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගොඩ බෑමට අග‍්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවේදි එකඟතාවය පළ කළා.