Friday, March 29, 2024

General line - 0115112241

එමීර් රාජ්‍යයේ සහ කටාර්හි රැඳී සිටි ශී‍්‍ර ලාංකිකයින් 17 දෙනෙකු දිවයිනට

ටී කේ ජී කපිල




කෝවිඞ් 19 වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 17 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් 10 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් 07 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ. දිවයිනට පැමිණි එම මගීන් සියලූ දෙනා පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කර නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.