Friday, April 19, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතව මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලැබූ තවත් 22 දෙනෙකු සුවය ලබයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව මෙරටදී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 22 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, මෙරටදී හඳුනාගැනුණු කොරෝනා ආසාදිතයින් අතරින් 1,885 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. 

තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 174 ක්. අද දිනයේ මේ දක්වා කාලය තුළ එක් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණා. ඒ අනුව, මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 2,070 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.