Saturday, April 20, 2024

General line - 0115112241

කේරළ ගංජා කිලෝ 61 ක් සමග පුද්ගලයෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට




කිරිබත්ගොඩ වේවැල්¥ව හංදිය ප‍්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 61 යි ග‍්‍රෑම් 640 ක් ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

සැකකරු සතුව තිබී, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් හයලක්ෂ 92,000 ක මුදලක් ද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ස`දහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි සේදවත්ත, වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය ස`දහන් කළා.