Friday, March 29, 2024

General line - 0115112241

සති 4 ක් තුළ බන්ධනාගාරවලින් ජංගම දුරකථන එක්දහස් එකසියයක් සොයාගැනේ




ඉකුත් සති 04 ක කාල සීමාව තුළ දිවයිනේ සියලූම බන්ධනාගාරවල සිදු කළ වැටලීම්වලදී ජංගම දුරකථ 1,102 ක් අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 

සිම් කාඞ්පත් 688 ක් සහ ජංගම දුරකථන බැටරි 1,310 ක් අදාළ කාල සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ජංගම දුරකථන චාර්ජර් 283 ක් ද එම කාල සීමාවේදී බන්ධනාගාරවලින් සොයාගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ සිදුකළ වැටලීමකදී ජංගම දුරකතන 28 ක් සොයාගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී එම ජංගම දුරකථන සොයාගෙන ඇති බවයි.

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කාන්තා රැඳවියන් රඳවා ඇති ඉසෙඞ් වාට්ටුවේ එම වැටලීම සිදු කර තිබෙනවා. එම වාට්ටුවේ කාන්තා රැඳවියන් 200 දෙනෙකු පමණ රඳවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. අදාළ වැටලීමේදී එම වාට්ටුවේ තිබී බැටරි 200 ක් ද සොයාගැනුණු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.