Friday, March 29, 2024

General line - 0115112241

හෙට පාසල් එන දරුවන් දැනුවත් කෙරේ




හෙට (06) සිට රජයේ සියලූම පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර සඳහන් කළේ, මෙම වැඩසටහන යටතේ පාසල් පැමිණීමට අවශ්‍ය වන්නේ එම පංතිවල ඉගැන්වීම් කරන ගුරුවරුන්ට පමණක් වන අතර කිසියම් වැඩසටහනක කාර්යභාරයක් හෝ කාලසටහනක් නොමැති ගුරුවරුන් පාසලට පැමිණීම අවශ්‍ය වන්නේ නැති බවත් සඳහන් කළා.

සියලූම සිසුන්ට සෞඛ්‍යාරක්ෂිතව අධ්‍යයන කටයුතු සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මෙහිදී සඳහන් කළා.