Thursday, April 25, 2024

General line - 0115112241

ලිපින මැකුණු තැපැල් භාණ්ඩ ගැන නවතම තත්ත්වය පහදයි




මුහුුදු මාර්ගය ඔස්සේ ගෙන්වීමේදී ලිපින මැකී ගිය විදේශීය තැපැල් භාණ්ඩ පැකට්ටු හාරදහසක් පමණ තවමත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සිර වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස ලිපින මැකී ගොස් තිබූ තැපැල් භාණ්ඩ ඇතුළත් පැකට්ටු විශාල ප‍්‍රමාණයක් මේ වනවිට, ඒවා ගෙන්වූ පාර්ශ්ව වෙත ලබා දී ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ. අදාළ භාණ්ඩ මෙරටට යොමු කළ මැලේසියානු තැපැල් දෙපාර්තමේන්තුවේ සහය ඇතිව සෙසු භාණ්ඩ, ඒවා ගෙන්වූ පාර්ශ්ව වෙත භාර දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද නියෝජ්‍ය තැපැල්පතිවරයා කියා සිටියා.

මුහුදු මාර්ගය ඔස්සේ තැපැල් භාණ්ඩ ගෙන්වීමේදී නැවත මෙවැනි ගැටලූවක් ඇති නොවීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස අදාළ අංශ දැනුවත් කර ඇති බව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළා.