Thursday, April 25, 2024

General line - 0115112241

අද 425 දෙනෙක් දිවයිනට




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින් 425 දෙනෙකු අද (05) දිවයිනට පැමිණ පැමිණියා.

ඒ, මාලදිවයින, බහරේන් සහ කටාර් රාජ්‍යයේ සිටයි. මාලදිවයිනේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 120 දෙනෙකු රැගත් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මාලේ නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණේ අද පෙරවරු 11 ට පමණයි. එම ශී‍්‍ර ලාංකිකයින් මාලදිවයින තුළ පිහිටි සංචාරක හෝටල්වල රැකියා වල නියුතුව සිට ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ. 

බහරේන් රාජ්‍යයේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගත් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද පෙරවරු 06.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වුණා. එලෙස පැමිණි ශී‍්‍ර ලාංකිකයින් අතරින් වැඩි පිරිසක්, බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි පුද්ගලයින්. එමෙන්ම, කටාර් රාජ්‍යයේ දෝහා සිට තවත් ශී‍්‍ර ලාංකිකයින් 15 දෙනෙකු රැගත් කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් අද අලූයම අලූයම 1.45 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. 

ඊයේ රාතී‍්‍ර 11.45 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ යානයකින් ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 17  දෙනෙකු ඊයේ (04) දිනයේ ද දිවයිනට පැමිණියා. විදෙස් රටවල සිට දිවයිනට පැමිණි සියලූ මගීන් PCR පරීක්ෂණවලට ලක් කර නිරෝධායනය සඳහා යොමු කළ බවයි ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.