Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා මූලාරම්භය සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට




නව්‍ය කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් ලබන සතියේ චීනයට පැමිණීමට නියමිතයි.

එම සංවිධානයේ ප‍්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාතන් ප‍්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරසය ආරම්භ වූ ප‍්‍රභවය සහ එය මිනිසාට ව්‍යාප්ත වූයේ කෙසේද යන්න පිළිබඳව එහිදී ගැඹුරින් පරීක්ෂණ කිරීමට අපේක්ෂා කරන බවයි.

කොරෝනා වෛරසය වවුලන්ගෙන් කෙලින්ම මිනිසුන් වෙත ව්‍යාප්ත වූවාද, නැත්නම් අතරමැදි සත්ත්වයින් සිටියාද යන්න පිළිබඳව එහිදී පරීක්ෂණ කරනු ඇති. ලබන දෙසැම්බර් මාසයට පෙර එම පරීක්ෂණ සාර්ථකව නිම කිරීමට හැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරනවා. 

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි දහතුන්ලක්ෂය ඉක්මවා තිබෙනවා. ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ ගණන ද පන්ලක්ෂ තිස්තුන්දහස ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.