Thursday, April 25, 2024

General line - 0115112241

සෞඛ්‍ය උපදෙස් අමතක කළ දේශීය සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට

රංජිත් රාජපක්ෂ




නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග මෙවර සති අන්ත නිවාඩුව ගත කිරීම සඳහා දේශීය සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළිය ප‍්‍රදේශයට පැමිණ තිබෙනවා.

හැටන් නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ නුවරඑළිය නගරයේ සියලූම සංචාරක හෝටල් සහ නිකේතන සංචාරකයින්ගෙන් පිරී පවතින බවයි.

ඇතැම් සංචාරකයින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය නොකරන බවයි නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.