Saturday, April 20, 2024

General line - 0115112241

ශිවාජිලිංගම්ට පේදුරුතුඩුව මහේස්ත්‍රාත්ගෙන් ඇප




අත්අඩංගුවට ගත් හිටපු උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ, ඔහු අද පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබා දුන් නියෝගයට අනුවයි. 

ඉදිරි නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත‍්‍රාත්වරයා විසින් ශිවාජිලිංගම් මන්ත‍්‍රීවරයාට අවවාද කර ඇප මත මුදා හැර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. 

2018 වසරේ මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ සිවාජිලිංගම් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබුණා. 

ඒ අනුව වැල්වැටිතුරෙයි පොලිසිය විසින් එම් කේ ශිවාජිලිංගම් අත්අඩංගුවට ගනු ලැබුවේ අද පෙරවරුවේයි.