Friday, April 19, 2024

General line - 0115112241

වී මිලට ගැනීමට ජනපතිගෙන් විධිමත් ක්‍රමවේදයක්




විනාශ වෙමින් පැවති සහල් ගබඩා, නව රජය පත්වීමෙන් පසු ප‍්‍රතිසංස්කරණයට සහ වී මිලදී ගැනීමට විධිමත් ක‍්‍රමවේදයක් සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

මෙවර මහමැතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් තරග වඳින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පොළොන්නරුව සිරිපුර ප‍්‍රාදේශීය සභා ක‍්‍රීඩාංගණයේ අද පැවති ජන හමුවකට එක්වූ අවස්ථාවේ එම ප‍්‍රදේශයේ ගොවි ජනතාව කළ ඉල්ලීමකට ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙසයි පොළොන්නරුව ප‍්‍රදේශයේ ගොවීන් එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ. පසුගිය කන්නවලදි ඉහළ වී අස්වැන්නක් ලැබුණ ද සහල් හිඟයක් මවා පෑමට ඇතැමුන් දරණ උත්සාහයට ඉඩ දිය යුතු නොමැති බවයි ගොවි ජනතාව ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ. 

ඊට ප‍්‍රතිචාර දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ඉදිරියේ දී වී ගොවියාද රැක ගනිමින් ගැටළුවක් ඇති නොවන ආකාරයෙන් ක‍්‍රියා කිරීමට රජය සැලසුම් කර ඇති බවයි. 

කළුකැලේ, මනම්පිටිය, කදුරුවෙල, තඹාල යන ප‍්‍රදේශවල සංවිධානය කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිවරයා අද එක් වුණා. හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොළොන්නරුව දීප උයන ඉදිරිපිට සංවිධාන කළ ජන හමුවකට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.