Friday, April 26, 2024

General line - 0115112241

පැය කිහිපයක මෙහෙයුමකින් පසු වැල්ලවත්තේ ගින්න පාලනය කෙරේ




වැල්ලවත්ත ඩබ්ලිව් ඒ සිල්වා මාවතේ කඩපෙළක අද දහවල් හටගත් ගින්නෙන් වෙළඳසැල් 6 කට හානි සිදුව තිබෙනවා. අද දහවල් හටගත් එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් පැය කිහිපයක මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළා. 

ඒ සඳහා ගිනි නිවීමේ රථ 10 ක් එක්කර තිබූ බවයි ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ හේතුවෙන් ගාලූපාරේ කොළඹ දෙසට වාහන ගමන් ගන්නා මංතීරුව, වැල්ලවත්ත රාමක‍්‍රිෂ්ණ මංසන්ධියෙන් පැය කිහිපයක් වසා දැමීමට ද පොලිසිය කටයුතු කළා. 

ගින්න මැඩ පැවැත්වීමේ මෙහෙයුම සඳහා එක්වූ ගිනි නිවන භටයෙකුගේ අතකට තුවාල සිදු වීම හේතුවෙන් ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට ද සිදු වුණා. 

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි සැක පළ වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.