Thursday, April 25, 2024

General line - 0115112241

දුම්රිය සේවාව නවීකරණය වේ - ඉන්දුනීසියාවෙන් බහාලුම් තට්ටු විස්සක් ලංකාවට




මෙරට දුම්රිය සේවාව සඳහා නව මගී ප‍්‍රවාහන දුම්රිය මැඳිරි 70 ක් හා භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා යොදා ගන්නා බහාලූ‍ම් තැන්පත් කිරීමට අවශ්‍ය තට්ටු  20ක් මිල දී ගැනීමට අවශ්‍ය මුල්‍ය සහයෝගිතාවය සහ එම උපකරණ ලබා දීමට ඉන්දුනීසියානු රජය තීරණය කර තිබෙනවා. 

ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සමග පැවැති සාකච්ඡාවකදී ශී‍්‍ර ලංකාවේ ඉන්දුනිසියානු තානාපතිවරයා මේ බව සඳහන් කළා. 

මෙම දුම්රිය මැදිරි හා තට්ටු නිපදවීම සිදු කරනු ලබන්නේ ඉන්දුනීිසියානු රජයට අයත් සමාගමක් විසින්. ඉන්දුනීිසියාවේ නිපදවන මැදිරිවල ගුණාත්මකභාවය පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් ලබා දුන්නා. 

එළවළු, සහල්, පලතුරු වැනි දෑ දුම්රිය මගින් කොළඹට ප‍්‍රවාහනය කිරීම මගින් ලොරි විශාල ප‍්‍රමාණයක් කොළඹට ඇතුළුවීම වළක්වා ගත හැකි බැවින් මාර්ග තදබදය අවම කරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.