Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියාවත් බිඳ වැටේ




ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධානතම ප‍්‍රාන්තයන් වන වික්ටෝරියා සහ නිව්සවුත්වේල්ස් ප‍්‍රාන්ත සීමාව වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. 

ඒ, වික්ටෝරියා ප‍්‍රාන්තයේ අගනගරය වන මෙල්බර්න් නගරයේ කොරෝනා ආසාදිතයින් ගණන දිනෙන් - දින ඉහළ යාම හේතුවෙන්. ඒ අනුව වික්ටෝරියා සහ නිව්සවුත්වේල්ස් අතර ප‍්‍රාන්ත සීමාව අනිද්දා සිට තාවකාලිකව වසා දැමෙනු ඇති. 

එම සීමාව හරහා ගමන් කිරීමට හැකි වන්නේ විශේෂ අවසරලත් පුද්ගලයින්ට පමණයි. ප‍්‍රාන්ත සීමාව යළි විවෘත කරන දිනය සම්බන්ධයෙන්  ඕස්ටේ‍්‍රලියානු බලධාරීන් මෙතෙක් ප‍්‍රකාශ කර නැහැ. 

ගත වූ පැය 24 තුළදී පමණක් මෙල්බර්න් නගරයෙන් කොරෝනා ආසාදිතයින් 127 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වනවිට ඕස්ටේ‍්‍රලියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 8,586 ක්. 

කොරෝනා මරණ 106 ක් ද එරටින් වාර්තා වී තිබෙනවා.