Saturday, August 15, 2020

Advertising - 0773953664 | General line - 0115112241

උතුරේ දේවස්ථානයක සැකලෙස හැසිරුණු පුද්ගලයා යාපනයේ දේවස්ථානයකදී අත්අඩංගුවට 

වවුනියාව මාධව කුලසූරිය

5809Views


 



මන්නාරම, පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථානයකට පැමිණ සැක කටයුතු ලෙස හැසුරුණු පුද්ගලයාව අද (06) දිනයේදී යාපනය, ශාන්ත අන්තෝනි දේවස්ථාන භූමියේ සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටියදී යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ මන්නාම, වංකාලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

මන්නාරම,පේසාලෙයි මාතා දේවස්ථානයට පැමිණි පුද්ගලයෙකු බැගයක් පිටේ එල්ලාගෙන සැක කටයුතු ලෙස හැසිරීම හේතුවෙන් උතුරු පළාතේ ආගමික ස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක් ඊයේ (05) හා අද (06) දිනයේ යොදවා තිබුණා.

සැකකරු පේසාලෙයි දේවස්ථානය වෙත පැමිණ සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් වන සිසිටිවි දර්ශන අනුව සැකකරු සම්බන්ධයෙන් වන තොරතුරු උතුරේ සියළු ආරක්ෂක අංශ වෙත ලබාදි තිබු බව උතුරු පළාත් පොලිස් නිළධාරීන් සඳහන් කලේ.

සැකකරුගේ අසාමාන්‍ය හැසිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ යාපනය පොලිස් නිළධාරීන් සැක කටයුතු අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ පවත්වමින් සිටින බවද පොලිසිය සඳහන් කලේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here