Friday, March 29, 2024

General line - 0115112241

විවාහ මංගල්‍ය සඳහා සහභාගීවිය හැකි සීමාව වැඩි කෙරේ




විවාහ මංගල්‍ය උත්සව සඳහා අද සිට උපරිමයෙන් 300 කට සහභාගිවිය හැකි බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

එසේත් නොමැතිනම් උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 50 ක පිරිසකට විවාහ මංගල්‍ය උත්සව සඳහා සහභාගිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විවාහ මංගල්‍ය උත්සවයන් සඳහා සහභාගිවන පුද්ගලයින් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.