Thursday, March 28, 2024

General line - 0115112241

රාත්‍රී හතෙන් පසු විශ්ව විද්‍යාල සිසුන්ට විශ්ව විද්‍යාල තහනම්




කොන්දේසි 11 කට යටත්ව ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට අයත් සියලූ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට අද සිට අවසර ලබා දෙන බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා. 

එක් - එක් විශ්ව විද්‍යාලයන්හි පීඨවල අධ්‍යයන කටයුතු ආරම්භ කරන දින කවරේද යන්න තීරණය කිරීමේ බලය එම විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන් වෙත පැවරෙන බවයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ. 

රාතී‍්‍ර හතෙන් පසු කිසිදු හේතුවක් මත විශ්ව විද්‍යාල භූමියේ රැඳී සිටීමට සිසුන්ට අවසර ලබා නොදීම, ක‍්‍රීඩා ඇතුළු බාහිර ක‍්‍රියාකාරකම් සඳහා අවසර ලබා නොදීම ඇතුළු තවත් කොන්දේසි කිහිපයක් යටතේ අධ්‍යයන කටයුතු යළි ආරම්භ කෙරෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.