Friday, April 26, 2024

General line - 0115112241

මන්නාරම දේවස්ථානයකදී අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ගැන තවත් තොරතුරු අනාවරණය වේ




මන්නාරම, පේසාලෙයි, මාතා දේවස්ථානයට පසුගිය 04 වනදා පැමිණ සැක කටයුතු ලෙස හැසුරුණු පුද්ගලයා යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔහු අද යාපනය ශාන්ත අන්තෝනි දේවස්ථාන භූමියේ සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බවයි යාපනය පොලිසිය ස`දහන් කළේ. 

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය සඳහන් කළා.

මන්නාරම,පේසාලෙයි,මාතා දේවස්ථානයට පැමිණි පුද්ගලයෙකු බෑගයක් පිටෙහි එල්ලාගෙන සැක කටයුතු ලෙස හැසිරීම හේතුවෙන් උතුරු පළාතේ ආගමික ස්ථාන වෙත ඊයේ සහ අද දිනවල විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා. 

සීසීටීවී දර්ශන අනුව සිදු කළ මෙහෙයුම්වලදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිස් නිලධාරීන්ට හැකිව තිබෙනවා.