Thursday, April 18, 2024

General line - 0115112241

පුත්තලම ජනතාවගේ ප්‍රශ්න රැසකට ජනපතිගෙන් විසඳුම්




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින පුත්තලම දිස්ති‍්‍රක් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම දිස්ති‍්‍රක්කයේ චාරිකාවක නිරත වුණා. 

එහිදී ජනතාව සමග අදහස් හුවමාරු කරගත් ජනාධිපතිවරයා පුත්තලම දිස්ති‍්‍රක්කයේ පවතින ගැටලූ ගණනාවකට විසඳුම් ලබා දීමට ද එහිදී පොරොන්දු වුණා. 

පුත්තලම, ආණමඩුව සතිපොළ භූමියේ පැවති ජන හමුවකට එක් වූ ජනාධිපතිවරයා වෙත ප‍්‍රදේශවාසීන් කියා සිටියේ පුත්තලම නීලබැම්ම ග‍්‍රාමය සෑම වර්ෂා කාලයකදීම ගංවතුරට ගොදුරු වන බවයි. 

ඒ පිළිබඳ අදාළ පාර්ශවයන්ගේ අවධානය යොමු කර විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන බවයි ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාවට දැනුම් දුන්නේ.

වනඅලි තර්ජනයට මුහුණ දෙන පුත්තලම දිස්ති‍්‍රක්කයේ ජනතාවට ස්ථිර විසඳුමක් ලබා දීමට ද එහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. පුත්තලම මාරවිල පොළ භූමියේ පැවති ජන හමුවකටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක් වුණා. 

නයිනමඩම කරදිය බැම්ම පිළිසකර කර, ප‍්‍රදේශයේ කෘෂි සහ පානීය ජල ගැටලූවලට විසඳුමක් ලබා දෙන ලෙසයි එහිදී ප‍්‍රදේශවාසීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ. පුත්තලම දිස්ති‍්‍රක්කයේ තවත් ගැටලූ ගණනාවක් විසඳීමට ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා.