Saturday, April 20, 2024

General line - 0115112241

2019 සාග් යන්න මිලදී ගත් ගුවන් ප‍්‍රවේශපත‍්‍රවල මිල ගණන් අතර වෙනසක්




2019 වසරේ නේපාලයේ කත්මන්ඩු නුවර පැවති 13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ ගුවන් ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට නිර්දේශ කර තිබෙනවා. ඒ, එම කී‍්‍රඩා උළෙල සදහා ශ‍්‍රී ලංකා සහභාගීත්වය හා ප‍්‍රතිඵල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් පත් කළ විශේෂ ති‍්‍රපුද්ගල කමිටුව විසින්.

කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිිදී විමර්ශන කෙරුණු අතර එහි අවසන් වාර්තාව ඊයේ (06) භාර දෙනු ලැබුවා. එම වාර්තාවේ දැක්වුණේ දකුණු ආසියානු කි‍්‍රඩා උළෙළ සදහා ගුවන් ප‍්‍රවේශපත් මිලදී ගැනීමේදී හෙළිදරව් වූ කරුණු අතර පරස්පර විරෝධතා මතු වූ බවයි. 

අදාළ ගුවන් ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීමට අදාළ ලිපිගොනුද මෙම කමිටුවේ වැඩි අවධානයට ලක් වුණා. දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ ප‍්‍රගති සමාලෝචන කමිටුවේ සභාපති ග්‍රෙගරි සිල්වාගෙන්ද මෙම කමිටුව ප‍්‍රකාශ සටහන් කර ගත් අතර ඔහු එහිදී සදහන් කර තිබුණේ ජාතික ඔලිම්පික් කමිටුව විසින් මිලදී ගත් ගුවන් ප‍්‍රවේශපත්වල මිල ගණන්  සහ කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මිලදී ගත් ගුවන් ප‍්‍රවේශපත‍්‍රවල මිල ගණන් අතර වෙනසක් පවතින බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීම සදහා මෙම කමිටුව හිටපු කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල, කී‍්‍රඩා අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න හා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල්ද සිල්වාගෙන් ප‍්‍රකාශ ද සටහන් කර ගෙන තිබුණා. 

ගුවන් ප‍්‍රවේශපත‍්‍ර සම්බන්ධයෙන් සිදු කෙරුණු වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූයේ ජාතික ඔලිම්පික් කමිටුව හා කී‍්‍රඩා අමාත්‍යාංශය, මත දෙකක සිටි බවයි. ජාතික ඔලිම්පික් කමිටුව සහ කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මිලදී ගත් ප‍්‍රවේශපත‍්‍රවල මිල ගණන් පරස්පර බව ද මෙම විශේෂ ති‍්‍රපුද්ගල කමිටුව මගින් අනාවරණ කර ගෙන තිබෙනවා. 

කොළඹ සිට දිල්ලි හරහා කත්මන්ඩු නුවරට යාමට සහ ඒමට ඉදිරිපත් කර තිබූ ගුවන් ප‍්‍රවේශපත‍්‍ර මිල ගණන් 84,000 ත්,139,800 ත් දක්වා පරාසයක ඇති බවයි එම කමිටුව මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම කොළඹ සිට ක්වාලාලම්පූර් හරහා කත්මන්ඩු නුවර දක්වා යාමට සහ ඒමට ගුවන් ප‍්‍රවේශපත‍්‍රයක මිල 148,000, 169,600 ක පරාසයක වූ බවද මෙහිදී නිරීක්ෂණය වී තිබෙනවා. 

ඒ අනුව කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ගුවන් ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ කි‍්‍රයාවලියේදී යම් බැහැර වීමක් සිදුව ඇතත් ගුවන් සමාගම් විසින් කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට සහ ජාතික ඔලිම්පික් කමිටුව වෙත විවිධ ගුවන් මාර්ගවල මිල ගණන් ඉදිරිපත් කර ඇති බැවින් මින් ඍජු වරදක් වී නොමැති බව එම වාර්තාවේ සදහන්.

ඉදිරියේදී මෙවැනි ගැටලූ අවම කර ගැනීමට එවැනි අවස්ථාවලදී ප‍්‍රසම්පාදනය පිරිනැමීමට පෙර අදාළ ගුවන් සමාගම්වල නියෝජිතයින් කැදවා මේ පිිළිබදව සාකච්ඡා කිරීම සුදුසු බව මෙම වාර්තාව හරහා අදාළ කමිටුව නිර්දේශ කර තිබෙනවා. එබැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටයි එම කමිටුව වැඩිදුරටත් නිර්දේශ කර ඇත්තේ.