Thursday, March 28, 2024

General line - 0115112241

වසංගතයට කොකා පෙන්වූ බ්‍රසීල ජනාධිපතිට කොරෝනා ආසාදනය වෙයි 




බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කර සිටියා. බ්‍රසීල ජනාධිපතිවරයා ඊයේ දිනයේදී සිව්වෙනි වතාවට කොරෝනා වෛද්‍ය පරීක්ෂණයට ලක්වූ අතර එහිදී ඔහුට වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා.

බ්‍රසීල ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවකදී මුඛ ආවරණ නොපැලදී අතර ඔහු ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණෙන විට මුඛ ආවරණ පළදින ලෙස අධිකරණය විසින් මිට සති දෙකකට ඉහතදී නියෝගයක් පවා නිකුත් කරනු ලැබුවා.

මිට දින කිහිපයකට පෙරදී ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පහළවී තිබුනත් එය මද උණ ගතියක් යැයි පවසමින් එම තත්ත්වය බැරෑරුම් නොවන බවට හැඟවීමට උත්සහ කලද අවසානයේදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ වන විට බ්‍රසීලයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,628,283ක් වන අතර මියගිය සංඛ්‍යාව 65,631ක් වනවා.