Friday, March 29, 2024

General line - 0115112241

මහජන බැංකුවට 59යි




මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වැනි දිනට පනස් නව (59) වසරක් සැපිරුණා. ඒ වෙනුවෙන් මහජන බැංකු බෞද්ධ සංගමය සංවිධානය කළ මහා පිරිත් සජ්ඡායනයක් පසුගියදා මහජන බැංකු මූලස්ථාන ශාඛා පරිශ්‍රයේදි පැවැත්වුණා.

මෙම මහා පිංකම කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, වර්තමානයේ රට තුළ පවතින කොවිඞ් -19 වසංගත තත්වය තුළ නිරෝධායන නීතිවලට අනුගතව සෞඛ්‍යරක්ෂීත ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කෙරුණා.

රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම මහජන බැංකුව පිහිටුවීමේලා පුරෝගාමී වූ සියලූ නායකයින්ට, අතීත සහ වත්මන් කාර්ය මණ්ඩලයට ආශිර්වාද පතා මෙන්ම කොවිඞ් -19 වසංගත තත්වයෙන් ලෝකවාසින්, රටවාසීන්, සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින් ආරක්ෂා වී එම තත්වය ඉක්මනින් දුරු වේවායි ප්‍රාර්ථනා කරමින් පැවති මෙම පිරිත් සජ්ඡායනයට මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු ඇතුඑ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, බැංකු කාර්ය මණ්ඩලය හා විශ්‍රාමික සේවක පිරිසක් ද සහභාගි වී සිටියා.