Friday, April 19, 2024

General line - 0115112241

කොරෝනා ආසාධිතයන් 57ක් හමුවේ




අද දිනයේ කොරෝනා ආසාධිතයන් 57ක් හමුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා.

ඒ කන්දකාඩු මත්ද්‍රවයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රයෙනි.

කන්දකාඩු මත්ද්‍රවයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450කට පිරිසක් පසුගියදා පීසීආර් පරීක්ෂණ සඳහා ලක්කර තිබේ.

එම පරීක්ෂාවට ලක් කරන ලද පිරිස අතුරින් මෙම ආසාදිතයින් හඳුනා ගෙන තිබේ. එසේම අද දින උදෑසන මාරවිල ප්‍රදේශයෙන් ද කොවිඩ් ආසාදිත කාන්තාවක් ද හඳුනා ගෙන තිබේ.

එම කාන්තාව කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශීකාවක් ලෙස සේවය කරනා සේවිකාවකි.