Saturday, April 20, 2024

General line - 0115112241

මව් කුසේදීම බිළිදුන්ට කොරෝනා ආසාදනය විය හැකියි




මව් කුසේදීම බිළිදුන්ට කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බවට ඉතාලිය සිදුකළ නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ඔවුන් මෙම අධ්‍යයනය සිදුකළේ අලූත උපන් බිළිදුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි.

මේ අතර අමෙරිකාව, බ‍්‍රසීලය හා ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් සීග‍්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙනවා.

එම රටවල් තුනෙන් පමණක් ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 28,000 කට අධිකයි.

ඉන් 60,000 ක්ම වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙන්. ඉන්දියාවෙන් ගත වු පැය 24 තුළ අලූතින් රෝගීන් 25,800 ක් වාර්තා වී ඇත්තේ එරට සමස්ත රෝගීන් ගණන හත් ලක්‍ෂ 94,000 සීමාව පසුකර යමින්.

ගත වු පැය 24 තුළ දකුණු අපි‍්‍රකාවෙන්ද අලූතින් රෝගීන් 13,674 දෙනෙකු වාර්තා වී තිබීමද කැපී පෙනෙන සිද්ධියක් වනවා. ගත වූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ‍්‍රසීලයෙන්.