Thursday, April 25, 2024

General line - 0115112241

බන්ධනාගාර ජේලර්වරුන්ගේ නේවාසිකාගාර මලපවාහන ගලියේ ජංගම දුකරතන 12 ක්




මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරුන්ගේ නේවාසිකාගාරයේ මලපවාහන ගලියෙහි තිබී ජංගම දුකරතන 12 ක් සොයාගෙන තිබෙනවා.

එම ගලිය පිරිසිදු කිරීමේදී මෙම ජංගම දුරකතන සොයාගත් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියළු බන්ධනාගාර ප‍්‍රධානීන්ට ඉකුත්දා නියෝග කළේ බන්ධනාගාර තුළ පවතින තහනම් භාණ්ඩ වැටලීම් සිදුකර කඩිනමින් සිය භාරයට ගන්නා ලෙසටයි.

මීගමුව බන්ධනාගාරයේද එවැනි වැටලීම් කිහිපයක්ම සිදුකළ අතර ජංගම දුරකතන සහ තහනම් භාණ්ඩ රැසක් අවස්ථාව කිහිපයකදි සොයා ගැණුනා.

එම බන්ධනාගාරයේ අඛණ්ඩව වැටලීම් සිදුකිරීම හේතුවෙන් යම් නිලධාරියෙකු බියට පත්වී එම ජංගම දුරකතන ගලියට දමන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. 

එම බන්ධනාගාරයේ නිලධාරියෙකු රැඳවියන්ට ලබාදීම සදහා මෙම ජංගම දුරකතන රැගෙන එන්නට ඇති බවටද සැක මතුව තිබෙනවා.