Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාවේ කොරෝනා පැතිරෙන්නේ සුළගින්දැයි සොයා පුළුල් පරීක්ෂණයක්




කොරෝනා වෛරසය සුළගින්ද ව්‍යාප්ත විය හැකි බවට මතුව ඇති සැකයක් පදනම් කර ගනිමින් ඉන්දියාව පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ රට තුළින් රෝගීන් වාර්තා වන ප‍්‍රවණතාව සම්බන්ධයෙන් මේ වනවිට සමීපව අධ්‍යයනය කරමින් සිටින බවයි.

වාතයෙන්ද කොරෝනා වෛරසය සම්පේ‍්‍රෂණය විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ වනවිට සැක මතු කර තිබෙනවා.

මීට පෙර එසේ සිදු විය නොහැකි බවට කළ මතය වෙනස් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වාතය හරහා කොරෝනා වෛරසය ව්‍යාප්ත වන බවට සාක්‍ෂි ද මතුවෙමින් ඇති බවයි.

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණවලින් සියයට 85කට ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 45 ත් 60 ත් අතර පුද්ගලයින්. ඉන්දියාවේ කොරෝනා මරණවලින් සියයට 53 ක් අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වනවා.

ඉන්දියාව යනු ලොව පුරා කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන 3 වන රට බවට මේ වනවිට පත්ව තිබෙනවා. ඒ, සමස්ත රෝගීන් හත් ලක්‍ෂ 95,605  දෙනෙකුද සමගයි.