Friday, April 19, 2024

General line - 0115112241

දැනටමත් ජයග්‍රහණය කා ළඟ දැයි කියයි




විපක්‍ෂය විසින් මහ මැතිවරණයේ ජයග‍්‍රහණය දැනටමත් ආණ්ඩුව ලබාදී ඇතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

මාවනැල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ මහ මැතිවරණයේ ජයග‍්‍රහණයෙන් පසු පළාත් සභා මැතිවරණයද පවත්වන බවයි.

රටට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ සැලසුම තම පක්‍ෂය සතු බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ, යටියන්තොට ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මහ මැතිවරණය ජයග‍්‍රහණය කළ සැණින් ඉන්ධන මිල අඩු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස පවසනවා. ඒ, කුරුණෑගල පැවති ජහහමුවකදීයි.

ස්වාධීන රාජ්‍ය සේවයක් වෙනුවෙන් තම පක්‍ෂය අනිවාර්යයෙන්ම පෙනී සිටින බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප‍්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින්.