Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා බවට සැකපිට මුන්දලම රෝහලට ඇතුලත් කළ රෝගියෙකු හලාවත රෝහලේදී මියයයි 




මුන්දලම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරනු ලැබූ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ සහිත බවට සැක කෙරෙන රෝගියෙකු හලාවත රෝහලට මාරු කර යැවීමෙන් පසු ඔහු එහිදී මියගොස් ඇති බව මුන්දලම රෝහලේ ප්‍රධාන වෛද්‍ය මහාලිංගම් බාස්කරන් ප්‍රකාශ කර සිටිනවා.

මෙම රෝගියා අද උදෑසන රෝහල වෙතට ඇතුලත් කර ඇති අතර ඔහු වයස අවුරුදු 22 ක් පමණ වන තරුණයෙක් බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එම රෝගියා උණ සහ සෙම රෝගයෙන් පෙළුණු අයෙක් බවයි රෝහලේ ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස මියගිය රෝගියාගේ දේහයෙන් ගනු ලැබූ ජෛව සාම්පල් PCR පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට හලාවත රෝහල විසින් පියවර ගෙන ඇති බවත් එහි ප්‍රථිපල ලැබෙන තෙක් මුන්දලම රෝහලේ දැනට සේවය කරනු ලබන කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිටව නොයන ලෙස තමන් උපදෙස් දුන් බවයි වෛද්‍ය මහලිංගම් බාස්කරන් ප්‍රකාශ කර සිටියේ.