Tuesday, April 23, 2024

General line - 0115112241

බූස්ස බන්ධනාගාරයේ රැදවියන් පිිරිසක් දෙවන දිනටත් ආහාර වර්ජනයේ




බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින ප‍්‍රබල ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක නිරත වනවා. මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ වෙන වෙනම සිරමැදිවල රදවා සිටින රැදවියන් 14 දෙනෙක්.

දිනකට පැයක පමණ කාලයක් සිරමැදිරිවලින් ඔවුන්ට පිටත සිටීමට අවස්ථාව හිමි වන අතර එම කාලය තවත් වැඩි කරන ලෙසටයි එම රැදවියන් පිිරිස ඊයේ සිට ආහාර වර්ජනයේ නිරත වන්නේ. මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ කොස්ගොඩ තාරක, වෙලේසුදා, කංජිපානි ඉම්රාන්, සුසෙයි, පොඩි ලැසී ඇතුළු ප‍්‍රබල ගණයේ අපරාධකරුවන් 14 දෙනෙක්.