Saturday, August 15, 2020

Advertising - 0773953664 | General line - 0115112241

තවත් කොරෝනා රෝගීන් 87ක් කන්දකාඩුවලින් හමුවේ : අද දිනයේ රෝගීන් 283ක්

3675Views


 



කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 87 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ වන විට එම ස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 340ක් වනවා. අද දිනයේ පමණක් මේ වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 283ක් වනවා.

අධිකරණ අමාත්‍යාංශය යටතේ පවත්වා ගෙන යනු ලබන කන්දකාඩු හා සේනපුර ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථාන දෙකේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලය 1150ක් පමණ සිටින බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ වන විට එම පිරිසගේ PCR පරීක්ෂණ සිදුකර ඇති බවත් පවතින තත්ත්වය මත කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් පවතින බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.මෙලෙස හදුනා ගත් කොරෝනා ආසාදිතයින් මේ වනවිට කන්දකාඩු රෝහලට ඇතුළත් කර ඇතැයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළා. 

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී නිවාඩු ගොස් සිටින නිලධාරීන් යළි මධ්‍යස්ථානය වෙත කැ`දවා ගැනීම මේ වනවිට සිදුවෙමින් ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැුදවියන් බැලීම සදහා පුද්ගලයින් 116 දෙනෙකු ඉකුත් දිනවල පැමිණ ඇති බවද මෙතෙක් සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඔවුන්ද නිරෝධායන කි‍්‍රයාවලියට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.

නාත්තන්ඩිය ප‍්‍රදේශයට පැමිණි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ කොරෝනා ආසාදිත කාන්තාවගේ සමීපතමයින් ද නිරෝධායන කි‍්‍රයාවලියට යොමු කළ බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.       
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here