Saturday, April 20, 2024

General line - 0115112241

කන්දකාඩු මධ්‍යස්ථානයට කොරෝනා ආවේ පරීක්ෂණයේදී හසු නොවූ ආසාදිත රැඳවියෙකු ගෙන්ද?

රාහුල් සමන්ත / ලසන්ත නිරෝෂණ




කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළට කොරෝනා වෛරසය ඇතුළු වූයේ කෙසේ දැයි තවමත් සැක සහිත තත්ත්වයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ ක‍්‍රම දෙකක් ඔස්සේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන්ට වෛරසය ආසාදනයවීමට ඉඩක් ඇති බවයි.

කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණ පිළිබදවද බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මෙලෙස අදහස් පළ කළා.

මේ අතර කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු පැල්මඩුල්ල ප‍්‍රදේශයේ සිය නිවෙස් වෙත පැමිණීම හේතුවෙන් එම ප‍්‍රදේශයේ පුද්ගලයින් දස දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා. ඒ අතරට භික්‍ෂූන් වහන්සේ පස් නමක්ද අයත්. පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය ශිරන්ති රණසිංහ පැවසුවේ කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පැමිණි නිලධාරීන් දෙදෙනා නැවත එම මධ්‍යස්ථානය වෙත ආරක්‍ෂිතව යොමුකළ බවයි. 

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන පිරිස් සමග සබ`දතා පැවැත්වූ අම්බලන්තොට ප‍්‍රදේශයේ පවුල් 03 ක සාමාජිකයන් 15 ක් නිරෝධායනයට ලක් කර තිබෙනවා. මෙලෙස නිරෝධායනයට ලක් කෙරුණෙ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුුනරුත්ථාපනය වන පුද්ගලයින් බැලීමට ගිය ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් පිරිසක්.

අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය වෛද්‍ය නිලධාරී යු. පි. මාලක සදහන් කළේ අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් හා රැදවියන් 22 දෙනෙක්ද නිරෝධායනයට ලක් කළ බවයි.  මෙලෙස නිරෝධායනයට ලක් කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ සිට අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයට මාරුකෙරුණු පිරිසක්. අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැදවියන් 10 දෙනෙකු නැවත කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබු අතර ඉතිරි නිලධාරීන් හා රැදවියන් අගුනුකොලපැලැස්ස බන්ධනාගාරය තුලම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.