Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග හොංකොං රාජ්‍යයේ සියලු පාසැල් වසා දැමේ




කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග සියළු පාසල් වසා දැමීමට හොංකොං රාජ්‍ය අද තීරණය කළා. එය ලබන සදුදා සිට කි‍්‍රයාත්මක වනවා. දින 2 ක් තුළ අඛණ්ඩව කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් හොංකොං රාජ්‍ය මෙම තීරණය ගෙන තිබෙනවා. 

සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද මැද සිංගප්පූරුව අද එරට මහ මැතිවරණය පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිංගප්පූරුව යනු ආසියා පැසිෆික් කලාපයේ කොරෝනා වෛරසය දැඩි බලපෑම් එල්ල වු රට වනවා. 

මේ අතර බි‍්‍රතාන්‍ය වැසියන්ට රටවල් 70 කට වැඩි සංඛ්‍යාවක සංචාරය කිරීමට අවසර ලබාදීමටත් යළි පැමිණීමේදී සති දෙකක නිරෝධායනයකට යටත්වීම අවලංගු කිරීමටත් අද තීරණය කළා. 

බොලිවියාවේ ජනාධිපතිනියටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද අනාවරණ වූ අතර ඇය සැලකෙන්නේ දකුණු අමෙරිකානු කලාපයෙන් කොරෝනා වෛරසයට ගොදුරු වූ දෙවන රාජ්‍ය නායකයා ලෙසයි.

මේ අතර ඉරානයෙන් යළි වතාවක් කොරෝනා රෝගීන් වාර්තා වන තත්ත්වයක් මතුව ඇතැයිද විදෙස් මාධ්‍ය අද අනාවරණ කළා.