Thursday, April 25, 2024

General line - 0115112241

පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජිවට එරෙහිව මාධ්‍යවේදියෙකු ගෙන් පැමිණිල්ලක්




වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් තමන්ට අමානුශික ආකාරයෙන් සැළකු බවට චෝදනා කරමින් ජයාරූප මාධ්‍යවේදියෙකු විසින් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිලිකාර මාධ්‍යවේදියා පවසන්නේ තමා නඩු විභාගයන් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ‍්‍රය තුළ රැඳී සිටි අවස්ථාවේ ජයාරූපය ගනිමින් සිටි තමන්ව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙත රැගෙන ගිය බවයි.