Saturday, April 20, 2024

General line - 0115112241

දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා පොකුර කන්දකාඩු මධ්‍යස්ථානයෙන් - සමාජයට බලපෑම අවමයි




කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කිරීමේ මධ්‍යස්ථානයේ රැදවියන්ගෙන් බහුතරයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. 

කෙසේවෙතත් කෙටි කාලයක් තුළ කන්දකාඩු කොරෝනා පොකුර අවම කර ගැනීමට හැකි වනු ඇති බවයි ඔහු කියාසිටියේ.

පවතින තත්ත්වය මත ප‍්‍රදේශ හුදෙකලා කිරීමක් හෝ දැඩි සීමා පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළේ.

මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ වාර්තා වුණේ කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කිරීමේ මධ්‍යස්ථානයෙන් ද ආසාදිතයින් රැසක් වාර්තාවීමත් සමගයි. 

ඊයේ දිනයේ හදුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් ගණන 296ක්. ඔවුන්ගෙන් 283 දෙනෙකුම වාර්තා වන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්. එම මධ්‍යස්ථානයෙන් මෙතෙක් හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 339 ක් වනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාව තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව පුත්තලම දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත සදහන් කළා. ඇය කියාසිටියේ අදාළ කාන්තාවගේ මවගේ පී සී ආර් පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල ලැබීමට ඇති බවයි. 
ඪධෂක්‍ෑ ක්‍ඹඔ : ෘඍ ෘෂභඹී්‍ය් 02 *
මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ නිවාඩු ගිය පිරිස්වල පවුලේ සාමාජිකයන්ද නිවෙස්වල ස්වයං නිරෝධායනට ලක් කර ඇති බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවා. එම මධ්‍යස්ථානයේ රාජකාරී කරන නිවාඩු ලබා නිවෙස්වල ගිය සාමාජිකයින් ගෙන්වා ගැනීමටද කටයුතු කර ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.