Thursday, April 25, 2024

General line - 0115112241

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයන් පිරිසකටත් කොරෝනා ආසාධනය වේ




කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් ලෙස කටයුතු කළ තවත් නිලධාරීන් පිරිසකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 

ඔහු කියාසිටියේ ඔවුන් සම්බන්ධයෙන් නිල තොරතුරු අද පස්වරුවේ ප‍්‍රකාශයට පත් කරන බවයි.

ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින්ගෙන් 283 ක්ම වාර්තා වුණේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්. එම මධ්‍යස්ථානයෙන් පමණක් මෙතෙක් හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 339 ක් වනවා.

ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකු, එක්සත් අරාබි ඒමර් රාජ්‍යයේ සිට පැමිණි තිදෙනෙකු සහ පාකිස්ථානයේ සිට පැමිණි අයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ අනාවරණ වුණා. 

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැුදවියෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි නෙත් නිවුස් පළමු වරට අනාවරණ කළ අතර ඔහු මේ වනවිට අයි ඞී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. 

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 297, සැලකෙන්නේ මේ දක්වා කාලය තුළ දිනක් තුළ මෙරටදී හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි. 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2451 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 1,980 දෙනෙකුම මේ වනවිටත් සම්පූර්ණ සුවය ලබා අවසන්. ආසාදිතයින් 460 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබනවා.