Thursday, April 25, 2024

General line - 0115112241

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට




මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා අද දිනයේ සිට තැපෑලට භාරදෙන මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එය අද සිට 13 වනදා දක්වා සිදු කෙරෙන බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

ලබන 29 වනදායින් නිල ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීම අවසන් වනවා. එදිනට පෙර නිල ඡුන්ද පත‍්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන් අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු නිල ඡන්ද පත‍්‍රිකා ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරිම ලබන 14,15,16 සහ 17 යන දිනවල සිදු කිරිමට නියමිතයි. ඒ අනුව ලබන 14 සහ 15 යන දින වෙන් කර ඇති ඇත්තේ රාජ්‍ය ආයතනවල සේවකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමටයි. 

දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිමට වෙන් කර ඇත්තේ ලබන 16 සහ 17 යන දෙදින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. 

එම දිනවලදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සඳහා ලබන 20 සහ 21 යන දිනවල තැපැල් ඡුන්දය භාවිත කිරීමට ද හැකියි. මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන අගෝස්තු මස 5 වනදායි.